Friday, July 20, 2012

දරුවන් හදන්නේ ඇයි?

 

අපි ජීවත් වෙන මේ සමාජයේ ගොඩක් මිනිස්සු හිතන පතන විදිහ හරිම වෙනස්. ඒ වගේම තමන් හිතන පතන විදිහ හරියි කියලා තමයි හැමෝම හිතන්නේ. විවාහය ගැන මේ සමාජයේ ඉන්න බොහොමයක් මිනිස්සු දරන්නේ එකම මතය. පිරිමියෙක් හොඳ ගැහැණියෙක්ව බැඳගෙන ළමයි හදාගෙන ජීවත් වෙන එක තමයි විවාහය කියලා දකින්නේ. ආදරෙන් වෙලිලා ඉන්න යුවලක් දැක්කොත් ගොඩක් දෙනා අහන්නේ කවදද බඳින්නේ කියලා. බැන්දට පස්සේ අහන්නේ තාම ළමයි නැද්ද කියලා.  ගොඩක් අයට මේ ප්‍රශ්ණ හරිම හිසරදයක්. ඒත් වැඩිහිටියෙක්ගේ මූණටම බනින්න අපහසු නිසා ගොඩ දෙනෙක් මේ ප්‍රශ්ණ විඳදරා ගන්නේ හරිම අමාරුවෙන්. ළඟදි මට අහන්න ලැබුන සංවාදයක කොටසක් මෙතන දැම්මොත් හොඳයි කියලා හිතුනා. මේ සංවාදයට අදාල යුවතිය විවාහ වෙලා අවුරුදු පහක් විතර වෙනවා. මේ සංවාදය යන්නේ ඇය අඳුනන තවත් ගැහැණියක් එක්ක.

"මොකද තාම ජෝඩුවට ළමයෙක් හදන්න කල්පනාවක් නැද්ද?"

"ආවට ගියාට ළමයි හදන්න බැහැනේ ආන්ටි. ළමයෙක් හදන්න කලින් කරගන්න කොච්චර දේවල් තියෙනවද?"

"අපිනම් ඒ කාලේ ළමයි හැදුවේ පේන බල බල නෙමෙයි. අද මම මෙහෙම සතුටෙන් ඉන්නේ ඒ ළමයි හින්දා."

"ඉස්සර වගේ දැන් ජීවත් වෙනවා කියන එක ලේසි නැහැ. දෙන්නෙක්ට හරියට කන්න බොන්න විදිහක් නැතුව තව ළමයෙකුටත් කන්න බොන්න දෙන්නේ කොහොමද?"

"බැඳපු ගමන් ඉක්මණට ළමයෙක් හදන එක තමයි හොඳ. පහු වෙනකොට ඕවා පුලුවන් වෙයිද දන්නේ නැහැනේ. ගෑණු අපි ජීවත් වෙන්නේ ළමයි හදන්න. ළමයෙක් හදන්න බැරි නම් ඒ ගෑණිගෙන් වැඩක් නැහැ. ඔය ළමයිට දැන් නෙමෙයි තේරෙන්නේ, වයසට ගියහම. වයසට ගිහින් වැඩපල කර ගන්න බැරි උනහම තමයි ළමයිගේ අගේ තේරෙන්නේ."

"ආන්ටි, මම ළමයෙක් හදනවනම් හදන්නේ වයසට ගියහම මගේ වැඩ කර ගන්න නෙමෙයි. මට හිතුනොත් මට හිතුන කාලෙක හදනවා. කවුරුවත් ඒ ගැන වද වෙන්න ඕනා නැහැ."

මේ යුවතිය එතැනින් පිටත් උනේ තරහෙන් පුපුර පුපුර. තමන්ට ළමයෙක් හදන්න උවමනාවක් නැත්නම් හරි, ළමයෙක් හදන්න නොහැකියාවක් තියෙනවම් හරි  ඒ ගැන මොකටද අනිත් අය වද වෙන්නේ? ඒත් එක්කම අද ගොඩක් දෙනා ළමයි ගැන කතා කරනකොට කියන්නේ තමන් වයසට ගියහම ළඟ ඉන්න ළමයෙක්වත් ඉන්නම ඕනා කියලා. හැමෝම නැති උනත් අද සමාජයේ ජීවත් වෙන මිනිස්සු තමන් තනි වෙයි කියන බයට එක ළමයෙක් හරි කොහොම හරි හදා ගන්න අවස්ථා තියෙනවා. තමන්ගේ හිතෙන් ප්‍රශ්ණ කරලා බලන්න තමන් ඇත්තටම ළමයෙක් හදන්න කැමති ළමයෙකුට තියෙන ආසාව නිසාද, එහෙමත් නැත්නම් තමන්ගේ තනියටද කියලා. කීයෙන් කී දෙනෙක් මේ ප්‍රශ්ණෙට අවංකව උත්තර දෙයිද?

 

“Children are a great comfort in your old age - and they help you reach it faster, too.  - Lionel Kauffman”

50 comments:

  1. තනිවෙනවට බයේ ලමයි හදන ගොඩක් අය ලමයි හැදුවා කියලා වෙනසක් නැහැ ඒත් වයසට ගියාම තනි වෙලා. මන් හිතන්නේ තමන්ගේ වැඩ කරවා ගනන් හිතාගෙන ලමයෙක් හදනවනම් ඒක හරිම අසාධාරණයි කියලා

    ReplyDelete
    Replies
    1. අද සමාජයේ ජිවත්වෙන දෙමව්පියන් වගේම දරුවනුත් පොරකන්නේ එක පිම්මට දුවන සමාජයේ පුලුවන් තරම් ඉස්සරහට යන්න. ඒ වගේ වෙලාවට දෙමව්පියන් තනි වෙනවා වගේම දරුවනුත් තනි වෙනවා.

      දරුවා නොදැනුවත්වම ඉපදෙන වෙලාවේ දෙමව්පියෝ ගිවිසුමක් ගහනවනම් "උඹව හොඳ තත්ත්වෙකට කොහොම හරි ගේනවා, හැබැයි උඹ කවදා හරි අපිට සලකන්න ඕනා" කියලා, ඇත්තටම ඒක හරිම අසාධාරණයි.

      Delete
  2. ලමයි හැදිය යුත්තේ ජීවයේ අඛණ්ඩතාවයට මිසක් ආතල් ගන්න නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. මේ ගැන නම් කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. එක පැත්තකින් ජීවයේ අඛණ්ඩතාවයට ළමයි හදන්නම ඕනා. අනිත් පැත්තෙන් තමන්ටවත් ජීවත් වෙන්න විදිහක් නැතුව මේ ලෝකෙට ළමයෙකුත් බිහි කරලා මේ සමාජය ඇතුලේ ඒ ළමයව හිර කරනවා නේද කියලත් හිතෙනවා.

      Delete
    2. @Hush-ජීවයේ අඛණ්ඩතාවය අප විසින් පවත්වා ගත යුතුමද? ඒ ඇයි?

      අනිත් කරුණුවලට එකඟයි

      Delete
    3. ඇත්ත. තමන්ට නඩත්තු කිරීමට හැකියාවක් නැත්තම් ලමයි හැදීමෙන් වෙන්නෙ ඒ ලමයාට කරන අසාධාරණයක්. නමුත් ලමයෙක් බිහිකිරීම සියළු දෙනාගෙ වගකීමක්.

      Delete
    4. මනුස්සයා කියන කෙනා බෝ වෙන්නෙ ප්‍රජනනය නිසා. අපි හැමෝම හිතුවොත් ළමයි හදන්න ඕන නැහැ කියලා මනුස්ස වර්ගයා වඳ වෙලා යයි. ඒත් දැනට ලෝකයේ පමණට වඩා වැඩියෙනුත් මේ මනුස්සයෝ ජීවත් වෙනවා කියල හිතන්නත් පුලුවන්. එහෙම බැලුවොත් දැනට තියෙන තත්ත්වය අනුව සුලු පිරිසක් ළමයි හැදුවේ නැහැ කියලා ජීවය වඳ වෙලා යන එකක් නැහැ.

      මනුස්ස වර්ගයා මේ ලෝකේ අඛණ්ඩව ජීවත් වෙන්නම ඕනද කියන කාරණය ගැන නම් ටිකක් හිතන්න වෙනවා. සමහරවිට මේ මනුස්සයෝ වඳ වෙලා ගියානම් අයෙත් මේ පොළොව ගහ කොළ වලින් පිරිච්ච, සත්තුන්ගෙන් පිරිච්ච පාරාදීසයක් වෙන්නත් පුලුවන්.

      Delete
    5. @Hush-"මනුස්ස වර්ගයා මේ ලෝකේ අඛණ්ඩව ජීවත් වෙන්නම ඕනද කියන කාරණය ගැන නම් ටිකක් හිතන්න වෙනවා."

      මට හිතාගන්න බැරි ඇයි අපි ඒ ගැන හිතන්නේ නැත්තේ කියලා.ඇත්තටම මනුස්සයෝ ඉන්නම ඕනද ලෝකේ?

      Delete
    6. ඒක ගැන එක එක අය එක එක විදිහට හිතන්න පුළුවන්. මම හිතන විදිහට නම් මනුස්සයෝ මේ ලෝකේ ඉන්නම ඕනා කියලා නීතියක් නැහැ. මනුස්සයෝ හිටියේ නැහැ කියලා ලෝකයේ පැවැත්ම නැති වෙන එකක් නැහැ. සතුන් අතර කතා කරන්න, හිතන්න පුලුවන් සතුන් වර්ගයක් වඳ වෙලා යන එක විතරයි වෙන්නේ.

      Delete
    7. @Hush-ස්තූතියි,ඔබ සිතනා ආකාරයටම මමද සිතමි. නමුත් බොහෝ දෙනා දරුවන් සෑදීම වීරක්‍රියාවක් කොට සලකති. එහෙත් එයට හේතු ඇසූ කල රටේ ලෝකේ නැති බහු බූත දොඩවති. සැබෑව නම් ඔවුන්ගේ රැක්ම පිණිස සවිමත් ක්‍රමයක් සාදා ගැනීමයි. නැතිනම් ඇයි දරුවන්ට ඔවුන් රිසි ලෙසින් කටයුතු කරන්නට ඉඩ නොදෙන්නේ. අධ්‍යාපනය/රැකියාව/විවාහය/ ආදී සෑම තැනකදීම දෙමාපියන් දරුවන් පාලනය කරන්නේ ඇයි? දරුවන්ට සතුට ලැබෙන ආකාරයට නොව දෙමාපියන්ට සතුට ලැබෙන දේටම දරුවන් යොමු කරවති. එසේ නොවුන කල දරුවන් හා උරණ වෙති,දඩුවම් කරති, එසේ හැසිරෙන දෙමාපියන් කවුරුන් හෝ "ඇයි ඔබ දරුවන් හදන්නේ" යැයි ඇසූ කල විවිධාකාර කරුණු දක්වති. නමුත් කිසිවකු හෝ සැබෑ කාරණය පවසන්නේ නැත.සියළු තුරුම්පු ගසා අවසන ලෝකයේ පැවැත්ම හෝ ජීවයේ අඛණ්ඩතාවය වැනි යෙදුම්ද හරහාට දමා ගනිති. එහෙයින් ඉහත ඔබ දක්වා ඇති අවංක අදහස් කෙරෙහි ඔබට මාගේ ප්‍රණාමය පුද කරමි.

      Delete
    8. @ 2nd Anonymous

      පරිසර පද්ධතිය සමබර වෙන්න නම් මනුස්සයනුත් සිටිය යුතුයි. ඒත් ඒ මනුස්සයෝ පද්ධතියේ සමතුලිතතාවයට අභියෝගයක් වීම ගැන නම් ඇත්තටම හිතන්න ඕන කාරණයක්.

      @Hush

      ඇත්ත දැනට ලෝකයේ පමණට වඩා මිනිසුන් ජීවත් වෙනවා. ඒකනේ ලංකාවටත් පුංචි පවුල රත්තරන් ආවේ. හැබැයි ඒකෙන් සිද්ද වෙන්න එක ජාතියක් අඩු වෙමින් තව ජාතියක් වැඩි වීම පමණයි මොකද ඒවා ලංකාවේ සියළු ජන වර්ග වලට ක්‍රියාත්මක උනේ නැහැ. දැන් නම් මාතෟකාවෙන් පිට පනිනවා වගේ..

      මම පළවෙනි Anonymous.

      Delete
    9. මමත් හිතන්නේ ඔයා කියන දේ ගැන කතා කරනවනම් වෙනම කතා කරන්න වෙනවා.

      Delete
  3. මේක ජීවන චක්‍රයක්නේ බන්.. ඒත් ළමයෙක් හදලා ඌට වද දෙන එක තමයි අවුල.. දෙවෙනි එකා පිළිබඳ සාකච්ඡා දැන් මාස ගාණක ඉදලා... ඒත් තාමත් දෙගිඩියාව....

    ReplyDelete
    Replies
    1. පළවෙනි දරුවා කවදා හරි තනි වෙයි කියලා හිතලා දෙවෙනි දරුවා හදනවනම්, මං හිතන්නේ ඒක ගැන සෑහෙන්න කල්පනා කරන්න වෙයි. එහෙම නැත්නම් තමන් තව දරුවෙකුට ආසනම්, කන්න බොන්න දීලා ආදරෙන් හදන්න පුලුවන්නම් ගැටලුවක් ඇති වෙන එකක් නැහැ කියලා හිතනවා.

      Delete
    2. @අබීත,
      හදු හදු !!

      Delete
  4. මම නම් කියන්නෙ අනුන්ගෙ උවමනාවට වත් නැත්නම් තමන්ගෙ තනියට වත් එහෙම ලමයි හදන්නෙ නැතිව පවුල ස්ථාවර තත්ත්වයකට ආවාට පස්සෙ ලමයි හදන එකයි වඩාත් සුදුසු...නැත්නම් හදන්නම් වාලෙ හදලා කන්න බොන්න දෙන්න වත්කමක් නැති වෙද්දි කොහේ හරි පල්ලියක් පන්සලක් හරි කුණු බක්කියක් ලඟ හරි දාලා යයි...ඒක කොච්චර ලොකු පවක්ද..

    ReplyDelete
    Replies
    1. ඒ අදහස් වලටනම් සම්පූර්ණයෙන්ම එකඟයි.

      Delete
  5. ඔය කියන ස්ථාවරේ මොකද්ද අනේ......... මට ඒකයි තේරෙන්නේ නැත්තේ......... එක එක අයගේ සිතුවිලි සහ හැකියාවන් එක එක විදිහයි... අපේ ඇහෙන් බැලුවොත්, දෑතේ රැකියාව කරන් ඉන්න මනුස්සයෙකුට එදා වේල හොයන් කන මනුස්සයෙකුට ස්ථාවරත්වයක් ඇත්තේම නැහැනේ. මොකද අපි හිතන්නේ කාර් එකක් ගෙයක් දොරක් හොඳ ස්ථිර රැකියාවක් තමයි ළමයෙක් හදන්න තියෙන සුදුසුකම් කියලා.... ඉතිං ඊට පස්සේ බැලුවහම අපිට වඩා ලේයර්ස් දෙක තුනක් උඩින් ඉන්න අය සහ ඊටත් උඩින් ඉන්න අය ගත්තහම එයාලා ගේ ඇහෙන් බැලුවොත් අපි වගේ දුප්පත් මිනිස්සු ළමයි හදනවා තියා හිතන්නවත් හොඳ නැතුව ඇති. එයාලාගේ ඒ සඳහා සුදුසුකම් ලැයිස්තුවේ තියෙනවා ඇත්තේ, අක්කර දහයක පහළවක ඉඩමක්, මහා විශාල බංගලාවක්, වාහන 10ක් විතර, කාර්තුවෙන් කාර්තුවට පිටරට සවාරි, තමන්ගේම කියලා අතිවිශාල ව්‍යාපාරයක් වගේ එව්වා............

    දුප්පත් මිනිහෙකුට එල්ලිලා ගොඩ එන්න ඉන්න එකම ඉනිමග දරුවෝ තමයි බොහොම වෙලාවකට....... අපි දන්න කොච්චර පවුල් තියෙනවද, දරුවන්ට දුක්මහන්සියෙන් උගන්වලා, ඒ දරුවෝ ඒ මහන්සියට නියම අරුතක් එක් කරපු තැන්... දැන් වෙලා තියෙන්නේ දෙමව්පියන්ගේ ඇසින් නොව දරුවන්ගේ ඇසින් බලලා, දෙමව්පියන් දරුවන් මතින් තම සිහින එළි කරගන්න යෑම වැරදියි කියලා කියන එක... ඔය කියමන් බොහොම විට තව අවුරුදු 20ක් වගේ වෙද්දි වෙනස් වෙනවා......... :)

    මගේ මතය නං, දරුවෙක් හදලා මං බලාපොරොත්තු වෙන්නේ එයා හොඳට ඉගෙන ගන්නවා දකින්න. මං යමක් කරලා දෙන්න කිව්වහම මට ගස්සාගෙන යන්නේ නැතුව අනේ මගේ අම්මානේ කියන හැඟීමෙන් ඒ දේ කරලා දෙනවා දකින්න. එයා කවදා හරි සමාජය සමඟ හොඳින් යහපත්ව සම්බන්ධ වෙලා කටයුතු කරනවා දකින්න. කවදා හරි මැරෙණ දවසකට ඒ හැම දේම ගැන සතුටු හිතින් මැරෙන්න.

    ඔව් ඉතිං පැතුම් හැමදේම ඉටු නොවනවා වෙන්න පුළුවන්. ඒත් අපට ප්‍රාර්ථනා කරන්න තහනමක් නැහැනේ........ :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත ඉටු උනා නැතා අපිට ප්‍රාර්තනා කරන්න පුළුවන්. ඉටු උනොත් හොඳා. එහෙම නැතිව අකාලයේ දරුවා විනාස උනොත් හරි දරුවා දෙමාපියන්ට නොසලකන කෙනෙක් උනොත් හරි මොනවා කරන්නද? ඒත් ඉතිං දරුවාගෙන් සාලකුම් ගන්න කියන ආත්මාර්ථකාමී කමින් දරුවන් හැදුවේ නැත්තං එතනදී අපිට එහෙමට දුකක් ඇති වෙන්න විදියක් නැහැ.

      Delete
    2. ආසාවෙන් දරුවන් හදනකොට එහෙම හිතනවා. ඒ ප්‍රාර්ථනා ඉ‍ටු උනේ නැති උනහම දරුවන්ට බනිනවා. දරුවන්ගේ ඇහින් බලා මෙහෙම කතා කියනවා කියලා හිතන්න පුලුවන්. ඒත් ඕනම මනුස්සයෙක්ට තමන්ට ඕන විදිහට ජීවත් වීමේ අයිතියක් තියෙනවා. දෙමව්පියන් කියනවනම් "මමයි උඹව හැදුවේ, උඹ මෙහෙමයි ජීවත් වෙන්න ඕනා" කියලා ඒක ආත්මාර්ථකාමීත්වය. අපි හැමෝටම ප්‍රාර්ථනා කරන්න පුලුවන් "අනේ මගේ ළමයා මෙහෙම උනොත් හොඳයි" කියල. ඒත් තමන්ගේ හීන ළමයගේ හීන කරන්න යනවනම් ඒක වැරදියි.

      අපි එක එක්කෙනාගේ ජීවිත එක එක විදිහයි. එක්කෙනෙක්ට කාලා බීල ඉන්න තියෙනවනම් ඒක තමයි ජීවිතය. තව කෙනෙක්ට වැටිලා ඉන්න තැනක් හදා ගත්තට පස්සේ තමන් ස්ථාවරයි කියලා හිතනවා. මේ විදිහට ස්ථාවරත්වය මනින මිනුම් දඬු ගොඩක් තියෙනවා. ඒ මිනුම් දඬු ඇතුලේ ඉඳන් තමන් හිතනවනම් තමන්ට ළමයෙක් හදා ගන්න පුලුවන් කියල කිසිම ගැටලුවක් නැහැ. ඒත් එහෙම සූදානම් නැති අයට ඇඟිල්ල දික් කරන්න කාටවත් අයිතියක් නැහැ.

      Delete
  6. නොබැඳම උන්නාම ප්‍රශ්න අඩුයි වගේ! :D

    ReplyDelete
    Replies
    1. තව ටික කාලයක් යනකොට එහෙමම හිතෙයිද? සමහර විට හිතෙයි බැඳලා, ළමයෙක් දෙන්නෙක් හදා ගත්තානම් ජීවිතේ තියෙන තනිකම නැති වෙයි කියලා :)

      Delete
    2. ඒකත් ඇත්ත. තාම යාළුවෝ එහෙමත් බැඳලා නැති හන්දා උන් එක්ක පිස්සු කෙල කෙල ඉන්නකොට තනියක් නෑ. ඒත් කවදා හරි දවසක යාළුවෝ සේරම බැඳලා උන්ට සෙට් වෙන්න එන්න වෙලාවක් එහෙම නැතිව ගියාමනං සෑහෙන්න අවුල් හිතෙයි. බොන්න ඕනේ ප්‍රශ්න මේවා!

      Delete
  7. මෙතනදි රන්දිකාගෙ ගොඩක් අදහස් වලට මම එකඟයි.

    ළමයෙක් හදනවා කියන්නෙ ඔය දහ අතේ හිතන්න ඕන දෙයක් නෙමෙයි. දරුවා ඒ තියෙන වටපිටාවත් එක්ක හැදෙයි. එතෙනදි ඔය කියන කිසිම දෙයක් වලංගු වෙන්නේ නෑ.

    ඔය ළමයි හදන්න ස්තාවර වෙන්න ඕනි අරක තියෙන්න ඕනි මේක තියෙන්න ඕනි කියන අයගෙන් අහන්න තියෙන්නෙ ඔය තියෙන දේ ස්තීර දේවල්ද කියල විතරයි.?

    ReplyDelete
    Replies
    1. එක එක අය තමන්ගේ ජීවිත මනින ආකාරය වෙනස්. තමන්ට ළමයෙක් ඕන නම් හදා ගත්තාට කිසිම ගැටලුවක් නැහැ. ඒත් තව කෙනෙක්ගේ ජිවිතයක් දිහා බලලා කාටවත් කියන්න බැහැ "දැන් ඉතින් ළමයෙක් හදා ගන්න කාලේ හරි" කියලා. තමන්ගේ ජීවිත ජීවත් කරවන්නේ තමන් මිසක් උපදෙස් දෙන්න එන මිනිස්සු නෙමෙයි.

      ඒ එක්කම අපි ඉන්න සමාජයේ ළමයෙක් හදනවා කියන එක ගැන ටිකක් හිතන්න වෙනවා. මොකද ළමයෙක් හැදුවා කියලා ආණ්ඩුවෙන් ඒ ළමයට කන්න බොන්න, අඳින්න පළඳින්න දෙන්නේ නැහැ. දරුවෙක් අරන් පාරට බැහැලා හිඟා කාල ඒ ළමයවත් හිඟන්නෙක් කරනවද කියන එක ගැන හිතන්න වෙනවා.

      Delete
    2. Hush! Don't Say Anything....

      මොටද මන්දා කොමෙන්ට් ඇරල තියෙන්නෙ?

      Delete
    3. මගේ කොමෙන්ට් එකේ අන්තිමට ඔය හිඟන්නො කතාවට උත්තරේ තියෙනවා.
      කිසිම දෙයක් ස්තිර නෑ අද ධනවතා හෙට හිඟන්න වෙන්න පුලුවන්.
      අනික හිඟාකන කෙනාගෙ දරුව හිඟන්නෙක් විය යුතු නෑ ඔහුට උවමනාව තියෙනව නම් හොඳ ජීවිතයක් ගත කරන්න පුලුවන් උත්සහයෙන්

      Delete
    4. කිසිම දෙයක් ස්ථීර නැහැ. ඒ දේ හැමෝටම කියන්න පුලුවන්. ඒත් මිනිස්සු එකින් එකාගෙන් වෙනස්. එක්කෙන්ක් උත්සාහවන්ත වෙනකොට තවකෙනෙක් කම්මැලි වෙන්න පුලුවන්. එක්කෙනෙක් ජීවිතේ කොහොම හරි දිනන්න ඕනා කියලා හිතනකොට තව කෙනෙක් හිතයි ඇයි මෙච්චර මහන්සි වෙලා තේරුමක් නැති දේවල් පස්සේ දුවන්නේ කියලා. අපි ළමයෙක් හදනකොට ස්ථීරවම කියන්න බැහැ ඒ ළමයගේ ක්‍රියා කලාපය, මානසික මට්ටම කොයි වගේ වෙයිද කියලා. එහෙම උනහම කොහොමද අපි සහතික වෙන්නේ මම කොහොම මේ දරුවව බිහි කලත් ඌ කොහොම හරි ජීවත් වෙයි කියලා.

      Delete
  8. මම නම් දැන්ම ම retirement plan එකක් දාගෙන තියෙන්නේ... මොකටද නිකන් ළමයින්ට වාතයක් වෙන්නේ......:D

    ReplyDelete
    Replies
    1. ඒත් වයසට ගියහම තනිකමක් දැනෙනකොට ළමයි ළඟටම දුවන්න හිතෙන එකක් නැහැ කියලා ස්ථීරවම හිතන්න පුලුවන්ද?

      Delete
    2. ඒක එතකොට බලනවා... මූද හත්ගව්වක් තියා මොකට අමුඩ ගහනවද???? දැනට නම් හිතාගෙන ඉන්නේ වයසට ගියාම තව කසාදයක් බැඳගන්න...:D

      Delete
  9. විවාහක දෙන්නෙක්ගෙ බැඳීම තවත් ස්ථිර වෙන්න දරුවෙක් අවශ්‍යයයි.. විවාහ උන අළුත දරුවෙක් නොහදා ඉඳීවි.. වටපිටේ ප්‍රශ්න ඒවි.. වෙන එකක් තියා අපි අවුරුද්දක්ම දරුවෙක් නොහදා ඉද්දි මගෙ නැන්දම්මාම අහනවා එච්චර වාසනාවක් කොයින්ද නේද කියලා.. ඉතින්.. අපට අපේ පාඩුවේ තනියම ජීවත්වෙන්න හරි අමාරුයි.. අපේ උදව් තව කෙනෙක්ට උවමනායි... වෙන කෙනෙක්ගේ උදව් අපට උවමනායි.. එතනදි වටපිටෙන් අපට ප්‍රශ්න එනවා.. අපි ඔය කියන ස්ථාවරය නවතන්නෙ කොතනකද? මනුස්ස හැඟීම් ආශාවල් ඉවර වෙන්නෙ නෑ.. එකක් ලැබෙද්දි තව එකක් ඕනා වෙනවා.. ඒක ලැබෙද්දි කලින් එක නැතිවෙන්නත් පුළුවන්.. ඔය තොරතෝංචියක් නැති ආශාවල් එක්ක ස්ථාවර වෙනවා කියන එක ඉවරයක් නෑ.. එහෙම කල් ගිහින් දරුවෙක් හදලා අපි ඉක්මනින් මැරිල ගියාම අර අසරණ දරුවා පව්..

    ඇත්තම කියනවානම් මමත් මගේ හිතවත් කීපදෙනෙකුටම කියලා තියෙනවා තව දරුවෙක් හදාගන්න කියලා.. ගොඩ දෙනෙක් යමක් කියන්නේ තමන්ගෙ අත්දැකීම් එක්කයි.. (ඕප දුප වලට හා පස්සෙ හිනාවට කරන අයත් ඉන්නවා තමා)

    ඔය මොන මොන දේ කීවත් අපි දරුවෙක්ගෙන් රැකවරණයක් බලාපොරොත්තු වෙනවා.. තිස්සෙම කටින් කියවුනත් මුන්ගෙන් සැලකිලි ගන්නනම් අපි ඉන්නෙ නෑ කියලා අපි කවුරුත් ඒවා බලාපොරොත්තු වෙනවා.. අද අපි නම් එහෙම බලාපොරොත්තු වෙන්නෙ නෑ කියන අය වුනත් වයස්ගත වෙද්දි ඔය අදහස් වෙනස් වෙනවා.. මහළුවෙලා මහළු මඩමක හිටියත් දරුවො සලකන්නෙ නෑ කියල කියවෙන්නෙ නැති දෙමව්පියෝ කොච්චර ඉන්නවද? එයාලව බලන්න එනකම් හූල්ලන අය කොච්චර ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. @තනෝජා රාජපක්‍ෂ-//ඔය මොන මොන දේ කීවත් අපි දරුවෙක්ගෙන් රැකවරණයක් බලාපොරොත්තු වෙනවා.. තිස්සෙම කටින් කියවුනත් මුන්ගෙන් සැලකිලි ගන්නනම් අපි ඉන්නෙ නෑ කියලා අපි කවුරුත් ඒවා බලාපොරොත්තු වෙනවා..//
      පිළිගත හැකි කතා ටිකක්.ඒ වගේම අවංක වීම බොහොම වටිනවා.

      //අද අපි නම් එහෙම බලාපොරොත්තු වෙන්නෙ නෑ කියන අය වුනත් වයස්ගත වෙද්දි ඔය අදහස් වෙනස් වෙනවා..//
      එහෙම කියන අය අනිත් අයට වඩා ඒක බලාපොරොත්තු වෙනවා.එහෙම තියෙන ගමන් තමුන් ආත්මාර්ථකාමී නැති වග පෙන්වන්න හේතු කියනවා.

      Delete
    2. එක එක්කෙනාගේ ජීවිත වෙනස් උනහම තව කෙනෙක්ගේ උපදෙස් තමන්ගේ ජීවිතේට හරියටම හරියයි කියලා හිතන්න උපදෙස් දෙන කෙනාට අමාරුයි.

      කීයෙන් කී දෙනෙක් ප්‍රශ්ණ කරනවද ඇයි මම මේ ළමය හදන්නේ කියලා. මම උනත් ළමයෙක් හදලා වයසට ගිය කාලෙක ඒ ළමය ළඟටම දුවලා යන්න ඕන වෙයි. ඒ ළමයට මාව බලාගන්න විදිහක් නැත්නම් කියයි "මං මගේ මුලු ජීවිතේම පූජා කලේ මේ ළමයට, ඒත් දැන් ඌ මාව බලන්නේ නැහැ කියලා."

      ඒ කාලෙට ඒ ළමය හිතයි අම්මා හරිම ආත්මාර්ථකාමී කියලා. සමාජයත් එක්ක හැප්පෙන්න හදයි දරුවන්ගේ නිදහස දරුවන්ට ඕනා කියලා. එයත් බැඳලා ළමයෙක් හදපු දවසට තමන්ගේ අම්මා වගේම හිතන්න ගනී.

      ගොඩක් අයගේ අදහස් බැලුවහම සිද්ධ වෙන්නේ මේ දේ කියලා තමයි මම හිතන්නේ. ඒත් කවුරුත් පිළිගන්න කැමති නැහැ තමන් ළමයව හදන්නේ තමන්ගේ ආසාවට හා ආත්මාර්ථකාමීකම නිසා කියලා. දෙමවිපිය සෙනෙහස පූජනීයයි වගේම ඒ සෙනෙහස ඇතුලෙත් ගනුදෙනුවක් තියෙනවා කියලා පිලිගන්න කවුරුත්ම කැමති නැහැ.

      Delete
    3. @Hush- // ඒත් කවුරුත් පිළිගන්න කැමති නැහැ තමන් ළමයව හදන්නේ තමන්ගේ ආසාවට හා ආත්මාර්ථකාමීකම නිසා කියලා. දෙමවිපිය සෙනෙහස පූජනීයයි වගේම ඒ සෙනෙහස ඇතුලෙත් ගනුදෙනුවක් තියෙනවා කියලා පිලිගන්න කවුරුත්ම කැමති නැහැ.//
      සම්පූර්ණයෙන්ම එකඟයි.

      Delete
    4. මම ඔයා කවුද කියල දන්නෙ නෑ.. අදමයි මේ පැත්තෙ ආවේ.. වෙන ලිපි නම් තාම බැලුවෙ නෑ..

      මමනම් මගෙ දරුවො හදන්නෙ මගෙ උවමනාවන් ඉෂ්ඨ කරගන්න තමා.. මට යන්න බැරිවුන තැන්වලට උන්ව යවන්න.. වෙනකක් තියා මට උවමනා විදියට උන් යම් යම් දේ නොකලම ගහනවා බනිනවා පවා.. පිට කාගෙන්වත් බැනුමක් අහන්න ගුටියක් කන්න දෙන්න බෑ උන්ට.. මම පිළිගන්නවා Hush මම ආත්මාර්ථකාමී තමයි.. සාම්ප්‍රදායිකයි තමා.. අපේ අම්ම තාත්ත අපිව ඔක්කෙ දාන් හැදුව.. දැන් මමයි මයෙ සැමියයිත් අපි දෙන්නගෙ දරුවො දෙන්න එහෙම හදනවා.. දෙන්නටම එක විදියට සලකන්නත් උපරියෙන් උත්සාහ දරනවා.. අනාගතය ගැන කියන්න බෑ.. මම අදහන ආගමේ විදියට හැමදේම දරන් ඉන්න උත්සාහ ගන්නවා...

      Delete
    5. ඔබගේ අදහස් ගැන මට ගෞරවයක් ඇති වෙන්නේ ඔබ ඒ දේ කෙලින්ම කියන නිසා. කලින් කිව්වා වගේ සමහරු හිතේ තියෙන දේ පිළිගන්න කැමති නැහැ. ඒත් ඔබ හිතේ තියෙන දේ කෙලින්ම කියලා තියෙනවා ඒක වෙනත් පාට වලින් වර්ණවත් කරන්න හදන්නේ නැතුව.

      මම සිංහල බ්ලොග් අවකාශයට අලුත් කෙනෙක් තමයි. ඒත් මම ගොඩක් කල් ඉඳලා සිංහල බ්ලොග්ස් කියවන කෙනෙක් :)

      Delete
    6. ඔයා අළුත් කෙනෙක් කියලා මගෙ හිත පිළිගන්නෙම නැත්තෙ ඇයිද මන්දා Hush! ;)

      Delete
    7. සමහරවිට ඔබ මාව පුද්ගලිකව අඳුනනවද දන්නේ නැහැ. :)

      Delete
  10. //ඒත් කවුරුත් පිළිගන්න කැමති නැහැ තමන් ළමයව හදන්නේ තමන්ගේ ආසාවට හා ආත්මාර්ථකාමීකම නිසා කියලා. දෙමවිපිය සෙනෙහස පූජනීයයි වගේම ඒ සෙනෙහස ඇතුලෙත් ගනුදෙනුවක් තියෙනවා කියලා පිලිගන්න කවුරුත්ම කැමති නැහැ.\\

    මං නං පිළිගන්නවා අපේ ආසාවට අපි දරුවෝ හදන්නේ කියලා... ඒක ආත්මාර්ථකාමී කමක් තමයි එක අතකට. ආත්මයට අර්ථයක් කර ගැනීමේ කැමැත්ත. අපි හිතා මතා හදපු දරුවෙක් තමයි අපේ දුව. හැබැයි මං මගේ මහත්තයා එක්කත් මතක් වෙන සැරේට කියන්නේ, මිනිස්සු ළමයි හදන්නේ තම තමන්ගේ අවශ්‍යතා අනුව... ‍දරුවාගේ උවමනාවට ආවා නෙමෙයිනේ. ඉතිං ඒ දරුවන්ට හැකි උපරිම දේවල් කරලා දීලා, ළමයා කවදා හරි නොසැලකුවොත් දෙමව්පියන්ට එයාට බනින්න අයිතියක් නැහැනේ. තමන්ගේ කැමැත්තට හදපු දරුවාට තමන්ගේ කැමැත්තට සලකලා ඒ ළමයා නොසැලකුවා කියලා බනින්න බැහැ. බැන ගන්න ඕනෑ තමන්නටමයි. දරුවෙක් හරි විදිහට හැදුවා නං ඒ ළමයා කවදාවත් දෙමව්පියන්ට නොසලකා හරින්නේ නැහැ. තමන්ට කන්න නැතතත් දෙමව්පියන් ගැන බලනවා. ඒක අපි දැකපු ඇත්තක්.

    දරුවෝ නැති ජීවිතය නිදහස් නිවහල් කියලා හිතන පිරිසක් නැතුව නෙමෙයි. තටු තියෙන කං ඉගිලෙන්න පුළුවන්. තටු හැලුනම තමයි වැඩේ. මගේ මාමාගේ දුවයි පුතයි උසස් අධ්‍යාපනය ලබනවා. එයාලාට හැකි අයුරින් මාමායි නැන්දායි සියලුම වියදම් දරනවා. නැන්දා කියන්නේ, "උඹලා දෙන්නට ඕනෑ හැමදේම දීලා ගොඩ නගලා තියෙන්නේ, තව දුරටත් කරනවා. බොහොම ඉක්මනට මේ කෙරුවාව කරන්න අමාරු වෙනවා. එදාට අපි දෙන්නාව උඹලා දෙන්නා බලා ගන්න ඕනෑ" ඉතිං ඒක තමයි ඇත්ත. දරුවන්ව දෙමව්පියන් හදනවා. දෙමව්පියන්ව දරුවො රැක ගන්නවා. ඒක තමයි ජාලේ. කුරුල්ලෝ වගේ ඉගිලිලා යන්න හිතනවා නං ඒ දරු කමිනුත් එක අතකට වැඩක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒ අදහස් එක්ක මම එකඟයි. ඔබ ඔය දේවල් පිලිගත්තත් ගොඩක් දෙනා ඒක පිලිගන්න කැමති නැහැ. බලාගෙන යනකොට අපි හැමෝම ළමයි හදන්නේ හරි සහකරුවෙක් හොයා ගන්නේ ජීවිතේ තනි වෙන්න බැරි කමට. ඒත් ඒක ඒ විදිහට පිලිගන්නේ නැතුව, වෙන වෙන දේවල් වලින් ඒක සරසන්න යනවා.

      Delete
  11. අද කාලේ ළමයි හදන්නේ නැති උනාම ඔක්කොන්ටම වැඩිය අමාරුව අල්ලපු ගෙවල්වල උන්ට~!
    ළමයි හදාගන්න ඇති නොහැකියාව නිසා සේසතම වියදම් කරගෙන ප්‍රතිකාර කරන උදවිය ඉන්නවා.හැකියාව තිබියදී නොහදා ගුනේ වගේ රිටයමන්ට් ප්ලෑන් දාං ඉන්න අයත් ඉන්නවා.. :)
    මේ දේවල් තීරණය වෙන්නේ තම තමන්ගේ සිතුම් පැතුම් බලාපොරොත්තු එක්ක කියලයි මට හිතෙන්නෙ! හැබැයි හැකියාව තියෙද්දි ලමයි නොහදා පසුවට දුක් වෙන මිනිස්සු නම් බොහොම අඩුයි මං හිතන්නේ!

    ReplyDelete
    Replies
    1. තමන්ගේ හිතවත් තේරුම් ගන්න අකමැති මිනිස්සු අනිත් කට්ටියගේ ජීවිත වලට ඇඟිලි ගහන එක නරකම දෙයක්.

      Delete
  12. දෙමාපියන් දරුවන් හදලා ඔවුන්ව පොඩි කාලෙ ඉඳලා ආරක්ෂා කරලා ඒ ලමයි ලොකු වෙච්ච දවසට දෙමාපියන් වයසට යනවා ඉතින් ඒ දෙමාපියන් ඒ වෙනකොට දරුවන්ගෙන් ආරක්ෂාවක් බලාපොරොත්තු වෙන එක ගැන කාටවත්ම දොස් කියන්න බෑ. ඒවගේම දරුවන්ට යුතුකමක් තියනව බොහෝ දේ කැප කරල තමන්ව උස් මහත් කරපු දෙමාපියන් බලාගන්න. දරුවෙක්ට ජීවය දෙනවා කියන එකත් මිළ කල නොහැකි දෙයක්.

    ReplyDelete
    Replies
    1. @Yohan Kanishka-//දරුවෙක්ට ජීවය දෙනවා කියන එකත් මිළ කල නොහැකි දෙයක්.//ඔබ කොහොමද එහෙම කියන්නේ?

      Delete
    2. මිනිස් ජීවිතයක වටිනාකම ඔබට ව‍ටහාගත නොහැකි හැඩයි!

      Delete
    3. @Yohan Kanishka- කරුණාකර මා හට එය වටහා දීමට හැකිද? මන්ද මා දකිනා ආකාරයෙන් නම් ඔබ කියනා අන්දමේ වටිනාකමක් ඇත්තේ නැහැ. හැකිනම් පැහැදිලි කරන්න බලන්න.

      Delete
  13. පොඩි ළමයෙක් දිහා බලලා අපි කොච්චර සතුටක් විඳිනවද..?? අපිට එහෙම සතුටු හිතෙනවනම්,ආදරේ හිතෙනවනම් ඒ ළමයා මේ ලෝකෙට ගෙනාව අම්මටයි,තාත්තටයි කොච්චර සතුටු ඇතිද?
    තමන්ට පුළුවන් කමක් තියෙනවනම් එක දරුවෙක් නෙවේ දරුවෝ දහ දෙනෙක් හැදුවත් කමක් නෑ.
    හැබැයි ඉතින් දරුවෝ හදලම බෑ උන්ව කාලකන්ණි නොකර ඉන්නත් දෙමව්පියෝ දැනගන්න ඕනි.

    ReplyDelete
  14. ළමයා කියන ජීවියා මේ ලොකෙට ජනිත වෙන්නේ එයාගේ උවමනාවට නොවේ, ඒ දරුවාව හදන්නට ලිංකව සහවාසය කරන දෙදෙනාගේ ආසාව මතයි.., ඉතින් හිතුමතේ දරුවන්ව හදලා දුකට පත් වෙනවට වඩා හොඳයි, දෙදෙනාගේම කැමැත්ත මත ඒ කර්තව්‍ය ඉටුවෙනවා නම්..!
    හොඳ ලිපියක්..!
    ස්තූතියි..!
    ජය!

    ReplyDelete